Tuesday, 3 May 2016

මල ගැන කතාවක්

සින්හල බාසාව හරි පුදුම බාසාවක්. දැ මම මල ගැන කිව්වහම හුගක් අය හිතය් මේ මනුස්සය ස්වාබාවික පරිසරය ගැන ලියනව කියල. මම අද ලියන්නෙ අපි මල පහ කරන මල ගැන.
ඉතින් මෙ කතාවට අටුවාවක් ලියන්න හිතුව. ලන්කාවේ මලාපවහන පහසුකම් තියන්නෙ කොලඹ නගරය හා තදාසන්න ප්‍රදෙශ වල විතරය්.( මට මතක විදියට. තව අලුත් එව්වා ඇති. හොයාගන්න ඔන නම් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මන්ඩලයේ වෙබ් එකට ගිහින් බලන්න ).
අනිත් ප්‍රදේශවල ගෙදර වත්තෙ තියන වලකට තමය් මල බැහැර කරන්නෙ. ජනගහනය වැඩිවීමත් සමග, කුඩා ඉඩම් කැබලි වැඩි වෙනකොට, සෙප්ටික් ටැන්කි ප්‍රමානය වැඩිවෙනව. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බූගත ජලය දූෂනය වෙනව..
ඒ වගේම තවත් සෞඛ්ය ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන්. මෙන්න මේ හේතුව නිසා දියුනුය් කියල කියන රටවල් වල ජනගහන් ඝනත්වය වැඩි ප්‍රදෙශවල මලාපවහන පද්දති තියෙන්නෙ.
ඉතින් මම වැඩ කරන්නෙ මල සහ ජලය සපයන ආයතනයක නිසා, මලාපවහන පද්දති ගැන කතාවක් කියන්න හිතුව
අවුරුදු කීපයකට ( මන් හිතන්නෙ දහයකට පහලොවකට කලින්) මලාපවහන නලයක් අලුත් වැඩියාවක් කරන්න මගේ සුදු ජාතික මිත්‍රයො වගයක් ගියා. දැන් කට්ටිය වල හාරල නලය එලියට අරගෙන. නලයෙත් බාගයක් කපල. නලයෙන් බාගයක් කැපුවහම මල ගලාගෙන යන ගමන්ම වැඩේ කරන්න පුලුවන්නෙ. නැත්නම් පොම්පයක් පාවිච්චි කරන්න වෙනවා.

එක මිත්‍රයෙක් දැන් වලට බැහැල වැඩේ කරනව. උඩ ඉන්න මිත්‍රයා උදව් කරනව. ඔන්න දැන් උඩ ඉන්න මිත්‍රයට හච්චිමක් ගියා. මිනිහගෙ දත් සැට් එක අර ඇරල තියන නලය ඇතුලට වැටුන. උඩ ඉන්න මිත්‍රයා වලේ ඉන්න මිත්‍රයට කිව්ව දට් සැට් එක අහුලල දෙන්න කියල. මිනිහ බෑ කිව්ව. අපේ උඩ හිටපු මිත්‍රය කිසි පැකිලීමක් නැතුව ඉනිමග දිගේ පහලට බැස්ස. දත් සැට් එක අහුලගත්ත. කට අතුලෙන් හරි තැන තියගත්තා.ඩෙටොල් දාල කට හෝදගත්තා, වැඩේ ඉවරය්

Saturday, 30 April 2016

Start

සින්හලෙන් බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන හිටියෙ සෑහෙන කලෙක ඉදලා. නමුත් මගෙ බර අඩු කර ගැනීම වගෙ එකත් කල් ගියා.
අපි ඉතින් වැඩ කල් දාන්න හේතු හොයා ගෙන යන මිනිස්සුනෙ.
අන්තිමට ඔන්න පටන් ගත්ත ලියන්න. වැඩේ නැගල යය්ද දන්නෙ නැහැ.

ලොකු නන්ගිගෙන් ලැබුනු දිරි ගැන්වීම් ලියන වැඩේට හොද තල්ලුවක් වුනා.
ඉතින් මම හිතුව මට හිතෙන හැටි ලියන්න.
ජීවිතෙ පහුකරපු කාලයත් එක්ක බලද්දි, විඳපු අත්දකීම් එක්ක, මට හිතෙන හැටි ලියන්න මට සුදුසුකම් තියනව කියල මන් හිතනව

දැන් ඉතින් බ්ලොග් එකට දාපු නම ගැන විස්තර කරන්න ඕනැ.  අවුරුදු ගානකට ඉස්සර ෂර්ලොක් හෝම්ස් පරිවර්තනයක තිබුන නමක් තමය් බැලරැට් හි කලුවා. කතාව සින්හලට පරිවර්තනය කරපු කෙනා බැලරැට් හි මැරවර ජැක් වෙනුවට කලුවා කියල ආදේශ කලා. මම නම් කලුපාට වුනාට මැර වැඩ කරන්නෙ නැහැ.

මට යාන්තම් වගෙ මතකය් මොන්ත ක්‍රිස්තො සිටුවරය පොතේ කෙටි පරිවර්තනයක එඩ්මන්ඩ් දාන්තේ වෙනුවට එඩ්මන්ඩ් දන්ගෙදර හිටිය. ඒ වගෙ කතා මන් හිතන්නෙ අනුවර්තන කියලය්. කොහොමටත් මොන්ත ක්‍රිස්තො සිටුවරය වගෙ ආශ්වදනීය කතවක් මන් කීයවල නැහැ.
ඔන්න ඉතින් කැලේ පැන්න.
සුද්ද කියල තියනව ලියනකොට කීප් ඉට් සිම්ප්ල් විදිහට ලියන්න කියල.
අවුරුදු ගානක් තිස්සෙ සින්හලෙන් හරියට ලිව්වෙ නැති හින්ද ගැලපීම කොහොමද දන්නෙ නැහැ. ලියලම තමය් බලන්න ඕන.