Thursday 1 September 2016

ආදර කතාව

ඔන්න එකෝමත් එක කාලෙක හිටිය කොල්ලෙක්, මිනිහට තිබුනා නරක පුරුද්දක්, කොහෙ ගියත්, ගෑණු ලමයෙක් දැක්ක ගමන් ඇඩ්‍රස් එක දෙනවා, කොල්ලා හැන්ඩියා, හැබැය් මූනෙ රැවුල එහෙම යාන්තමට තියෙන්නෙ.

ඉතින් හැන්ඩි කොල්ලය් මිත්‍රයො ටිකය් ගියා, අපේ බැචෙකුගෙ පියානන්ගෙ අවමගුල් උත්සවයට සහබාගි වෙන්න,අහන්ගම. දැන් උත්සවය ඉවරවෙලා කට්ටිය මොරටු එනවා, කෝච්චියෙ, මට මතක විදිහට මාතර නුවර කෝච්චිය

ඔන්න අපේ හැන්ඩි කොල ගිහිල්ල ගෑණු ලමයෙකුට මල් කඩනව, අන්තිමට පොඩි කොල කෑල්ලකුත් කෙල්ලගෙ අතට මිට මෙලෙව්ව,ඔන්න එතකොට කෙල්ල ලඟ හිටපු අන්කල් කෙනෙක් මූට දැම්මා රබර් ඇහැ, හැන්ඩියා මාරු.
මේ අතර ඔතන හිටපු තව අන්ඩපාලයෙක් කෙල්ලට හිමින් සැරේ කිට්ටු  කරල මූලික විස්තර ( නම, ගම, ) අහගත්ත, කෙල්ලගෙ නම ( ඇත්ත නම නෙමේ ) සයුරි, ගම බොරැල්ල ( තව අතිජාත අන්ඩපාලයකෙගු ගෙදරත් බොරැල්ලේ. ( ඇත්තම ගම ).

දැන් ඔන්න හැන්ඩි කොල්ලගෙ මිත්‍රයො ටික ගැහව්ව ප්ලැනක්, විශ්ව විද්යාලා ඇවිත්, සයුරි කෙල්ල විදිහට හැන්ඩි කොල්ලට ලියුමක් එවන්න. එතකොට හැන්ඩි කොල්ල උත්තර යවන්නෙ කොහේටද, එතකොට තමය් අර බොරැල්ලෙ ඉන්න අන්ඩපාලය කිව්වෙ, "ඇය් මේ අපේ ගෙදර තියෙන්නෙ, මම තාත්තට කතා කරල කියන්නම් ලියුම ආවහම් මට කෝල් එකක් දෙන්න කියල" (  බොරැල්ලෙ ඉන්න අන්ඩපාලය සාමන්යෙන් ගෙදර යන්නෙ නහැ, හැබය් නිතරම තාත්ත්තට කතා කරනවා, අනික කටුබැද්දේ ඉදල බොරැල්ලට කොච්චර දුරද?)
හැන්ඩි කොල්ලගෙ ගෙදර කොලඹ පැත්තෙ නෙවෙ, මිනිහාගෙ ඔලුවෙ කොලඹ තියන උප නගර ගැන දැනීම බින්දුවය්. ඒ වුනාට හැන්ඩි cඔල්ලගෙ මීටරෙ හොඳය්, වටේ යවනකොට කල්පනාවෙන් කරන්න ඕන.

තව ප්‍රශ්න කීපයක් තිබුනා, ලියුමෙ සීල් එක බොරැල්ලෙන් වෙන්න එපෑ. ( "ආ ඒක ප්‍රශ්නයක් නෑ, මම ගෙදර යන ගමන් බොරැල්ලෙන් බැහැලා ලියුම දාල යන්නම්, " තව එකෙක් වැඩේ බාර ගත්තා.
ඊලග ප්‍රශ්නය, ඇත්තටම සයුරි කෙල්ල ලියුමක් එව්වොත් ( " ප්‍රශ්නයක් නැහැ, තැපැල් කාරයා එන්නෙ නමයට විතර, මම කොහොම්ටත් උදේ ලෙක්චර්ස් එන්නෙ පරක්කු වෙලානෙ , මම ලියුම අරගෙන, ඇරලා බලල, සයුරි කෙල්ලගෙන් නම් විසි කරන්නම්, කොහොමටත් ඕකට ගොඩක් කෙල්ලන්ගෙන් ලියුම් එනවනෙ, මම ඒව ටික තියන්නම්"  ) හැන්ඩි කොල්ලගෙ බෝඩිමෙ ඉන්න එකෙක් වඩේ බාර ගත්තා..
තව එකෙක් කිව්ව, උඹ ලෙක්චර්ස් වල මඩ නෝට් යවන හින්ද මම ලියුම් ලියන්න කියල, ඔන්න නමෝ විත්තියෙන් පලවෙනි ලියුම ලිව්ව, සයුරි කෙල්ලට ගුනසින්හ කියල සර්නේම් එකක් එහෙම දාලා.ආපසු ලිපිනය, අන්ඩපාල 2 ගෙදර ලිපිනය, බොරැල්ලෙ,
දවස් දෙක තුනකින්, ලියුම් බලන් වැඩේ බාර ගත්ත එකා කිව්වා, අන්න බඩු ආවා, කියල. ඊලග දවසෙ උදේ, හැන්ඩි කොල්ල, අන්ඩපාල 1 ගාවට ඇවිල්ල කිව්ව " බලපන් මල්ලි වැඩ, අන්න කොච්චියෙ කෑල්ල ලියුමක් එවල කියල" අන්ඩපාලය නිහතමන්නීව ඔලුව පත් කරල පරජය් පිලි ගත්තා.
ටික දවසකින් අන්ඩපාල 2 හදිසියේම ගෙදර ගියා, තාත්තා කතා කරල කියල ලියුමක් ඇවිත් කියලා. හන්ඩි කොල්ලගෙ ලිවුමෙ පැනි බේරෙනව, ලව් වැහැලා, සින්දු ජෝතිගෙ ඉදන් දිවුල්ගහේ ට යනකන්..ඊලග ලියුමෙ කට්ටිය ලියල අහුවා, අය්ය වැඩ කරන්නෙ කොහෙද කියලා, හැන්ඩි කොල්ල ලියල එවල තිබුනා, කීල්ස් එකේ නන්ගි, සොසේජස් හදන කොම්පනියෙ කියල.

හැන්ඩි කොල්ලට ඕන කෙල්ලත් එක්ක කොහෙර් හරි යන්න, ලියුම් කීපයකම කොහෙට හරි ගිහින් කතා කරමු කියලා යෝජනා කරලා තිබුනා, කට්ටියට හැන්ඩි කොල්ලගෙ අසහනය තේරුනා,( මේ වෙනකොට බැච් එකෙන් බාගයක් විතර මේ ආදර කතාව දන්නව, ලියුම් ලියන්නෙ ගොඩ කැන්ටිමේ තියාගනනේ)
ඉතින් ඔන්න කට්ටිය ලියලා යැව්වා," අය්යේ, මට ටික්ක අමරුය් ගෙදරින් එන්න, ඒත් අපේ ආදරේ වෙනුවෙන්, අපේ අම්මා ලබන ඉරිදා රත්නපුරේ යන්න හිතාගෙන ඉන්න නිසා, මම එදාට එන්නම් අය්යව හම්බවන්න, අය්යා කොටුව ස්ටේශන් එකේ "ව" යන්න යටට වෙලා ඉන්න මම එනකම්" .

ඉරිද උදේම හන්ඩි කොල්ලා ගියා  කොටුවට, ඉන්නව ව යන්න යට.. බැච් එකේ කොල්ල හරියට කොටුවෙ, " ආ හැන්ඩි කොල්ල මොකද මෙතන" 
"ගෙදර යන්න"
"ඉතින් උඹලගෙ ගමට කෝච්චි යන්නෙ නෑනෙ,"
"රඹුක්කනට ගිහින් යනව"
ප්‍රශ ඔක්ක්ගෙන්ම බේරිලා Hඅන්ඩි කොල්ලා ඉන්නව, කෙල්ල එනකන් කෙල්ල නෑ.
ඇස් රිදෙනකම් බලන් හිටපු හැන්ඩි කොල්ල එනව බෝඩිමට, සයුරි ඒවනව ලියුමක්, බලන්නකො අයෙ අම්ම මාවත් එක්කගෙනනෙ රත්නපුරේ ගියෙ කියලා, හැන්ඩි කොල්ල දිගටම ලියනව, සින්දුත් ලියල එවනවා, ඒ සින්දු කැම්පස් එකේ කොල්ලන්ගෙ ජනප්‍රියම සින්දු, හන්ඩි කොල්ල ලගින් යනකොටත් කොල්ලො ඒව කියනවා,
මේ අතර හැන්ඩි කොල්ලා කොල්ලො කීප දෙනෙකුට උදාන වාක්ය ප්‍රකාශ කරනවා
" අඩෝ, අපි උඹල වගේ කෙල්ලන්ට කඩේ යන්නෙ නැහැ"
"අඩෝ, අපේ රැවුල අඩු වුනාට බලප්න් වැඩ"
කොල්ලො මේ සියලු කතා අහගෙන ඉන්නවා
එක දවසක් උදේ අන්ඩපාල 1 සහ හැන්ඩි කොල්ලා එකම වෙලාවට විශ්ව විද්යලේ ගේට්ටුවෙන් අතුල්වෙනව, හැන්ඩි කොල්ලා දන්නෙ නැහැ මිනිහා කොල්ලො අතර ජනප්‍රියය් කියල. මේ අස්සෙ ‍යලට මහට කැම්පස් එන එකෙක් අහනවා.

අන්ඩපාල 1  ගෙන, අඩෝ උඹල  හැන්ඩි කොල්ලා කිය්ලා එකෙක් වටේ යවනව නේද, මරු වැඩේ බන් කියල .හැන්ඩි කොල්ල අන්ඩපාල 1 ගෙ බෙල්ල මිරිකන්න යනවා, අන්ඩප්පල 1 දුවලා බේරෙනවා. හැන්ඩි කොල්ලගෙ බෝඩිමෙ හිටපු අනිත් එවුන් ටික කාලයක් වෙන බොඩිම් වල නිදාගන්නවා.

මෙය මනහ්කල්පිත කතාවකි.සියලු චරිත ගොතන ලදී. මෙහි සඩහන් වෙන කිසිම චරිතය ජීවත් සිටි කිසිම චරිතයකට සමාන නොවේ

5 comments:

  1. බොරු නෙමේ.............. මේක ඇත්ත කතාවක්. ඔයා අපි පොඩි කාලෙ ඕක කියල තියනවා අපිට මට මතකයි....හී...............නියම කතාව අයියා. තව ලියන්න මේ වගේ එවා. ඕවා කොහෙද ඔයා හදල ලියන්නෙ ඔව්වා ඇත්තටම campus එකේ උන දේවල් නේද

    ReplyDelete
  2. මේවා හොඳ වැඩ නොවේ. තරුණයන් පිස්සන් වී ඇත.

    ReplyDelete
  3. මේවා හොඳ වැඩ නොවේ. තරුණයන් පිස්සන් වී ඇත.

    ReplyDelete
  4. ඇයි ඉතින් මේ බය වෙලා....? මම කිවුවෙ අර ආත්මාරක්ශාවට දාපු අන්තිම වාක්‍ය ගැන.....
    මේක බොරු කතාවක් නෙමේ. මට හොඳට මතකයි ඔය 'ව'යන්න යටට එන්න කිවුව කතාවක්.....

    ReplyDelete
  5. අයියෙ , කම්මැලි නැතුව ටිකක් බලලා type කරන්නකො මේ අකුරු වරද්දන්නෙ නැතුව

    ReplyDelete