Tuesday 3 May 2016

මල ගැන කතාවක්

සින්හල බාසාව හරි පුදුම බාසාවක්. දැ මම මල ගැන කිව්වහම හුගක් අය හිතය් මේ මනුස්සය ස්වාබාවික පරිසරය ගැන ලියනව කියල. මම අද ලියන්නෙ අපි මල පහ කරන මල ගැන.
ඉතින් මෙ කතාවට අටුවාවක් ලියන්න හිතුව. ලන්කාවේ මලාපවහන පහසුකම් තියන්නෙ කොලඹ නගරය හා තදාසන්න ප්‍රදෙශ වල විතරය්.( මට මතක විදියට. තව අලුත් එව්වා ඇති. හොයාගන්න ඔන නම් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මන්ඩලයේ වෙබ් එකට ගිහින් බලන්න ).
අනිත් ප්‍රදේශවල ගෙදර වත්තෙ තියන වලකට තමය් මල බැහැර කරන්නෙ. ජනගහනය වැඩිවීමත් සමග, කුඩා ඉඩම් කැබලි වැඩි වෙනකොට, සෙප්ටික් ටැන්කි ප්‍රමානය වැඩිවෙනව. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බූගත ජලය දූෂනය වෙනව..
ඒ වගේම තවත් සෞඛ්ය ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන්. මෙන්න මේ හේතුව නිසා දියුනුය් කියල කියන රටවල් වල ජනගහන් ඝනත්වය වැඩි ප්‍රදෙශවල මලාපවහන පද්දති තියෙන්නෙ.
ඉතින් මම වැඩ කරන්නෙ මල සහ ජලය සපයන ආයතනයක නිසා, මලාපවහන පද්දති ගැන කතාවක් කියන්න හිතුව
අවුරුදු කීපයකට ( මන් හිතන්නෙ දහයකට පහලොවකට කලින්) මලාපවහන නලයක් අලුත් වැඩියාවක් කරන්න මගේ සුදු ජාතික මිත්‍රයො වගයක් ගියා. දැන් කට්ටිය වල හාරල නලය එලියට අරගෙන. නලයෙත් බාගයක් කපල. නලයෙන් බාගයක් කැපුවහම මල ගලාගෙන යන ගමන්ම වැඩේ කරන්න පුලුවන්නෙ. නැත්නම් පොම්පයක් පාවිච්චි කරන්න වෙනවා.

එක මිත්‍රයෙක් දැන් වලට බැහැල වැඩේ කරනව. උඩ ඉන්න මිත්‍රයා උදව් කරනව. ඔන්න දැන් උඩ ඉන්න මිත්‍රයට හච්චිමක් ගියා. මිනිහගෙ දත් සැට් එක අර ඇරල තියන නලය ඇතුලට වැටුන. උඩ ඉන්න මිත්‍රයා වලේ ඉන්න මිත්‍රයට කිව්ව දට් සැට් එක අහුලල දෙන්න කියල. මිනිහ බෑ කිව්ව. අපේ උඩ හිටපු මිත්‍රය කිසි පැකිලීමක් නැතුව ඉනිමග දිගේ පහලට බැස්ස. දත් සැට් එක අහුලගත්ත. කට අතුලෙන් හරි තැන තියගත්තා.ඩෙටොල් දාල කට හෝදගත්තා, වැඩේ ඉවරය්

3 comments:

  1. ඩෙටෝල් වලට වඩා හාපික් වගේ දෙයක් භාවිතා කරන තිබුන එයාට.
    මේක අයියට වුන දෙයක් නෙමේ කියලා නම් මට ශුවර්. මොකද මේ වැඩේ ස්වභාවය කොහොම වුනත් අයියගෙ තවම "ඔරිජිනල් දත් සැට් එක" තියන නිසා

    ReplyDelete
  2. ඩෙටෝල් වලට වඩා හාපික් වගේ දෙයක් භාවිතා කරන තිබුන එයාට.
    මේක අයියට වුන දෙයක් නෙමේ කියලා නම් මට ශුවර්. මොකද මේ වැඩේ ස්වභාවය කොහොම වුනත් අයියගෙ තවම "ඔරිජිනල් දත් සැට් එක" තියන නිසා

    ReplyDelete
  3. දත් දාන වයසේත් ෆීල්ඩ් එකේ බර වැඩ කරන්න වීමත් ලොකු ප්‍රශ්නයක් තමයි.

    ReplyDelete