Friday 13 May 2016

කවියක්

පහුරු ගා ජීවිතේ අහුමුලුවල
අඳුරු මතකයන්වල
පුන්චිම මතකයක් වත් ඉතිරි නොකර
මා හැර ගිය අප්පච්චි


කාගෙ හෝ මතකයක් අහුලලා
අහගන්න කතාවක් වත් ඉතිරි කර නොගිය
මගෙ අප්පච්චි
හැම දාම මන් බලාගෙන හිටපු
සුන්දරම මතකයන් කවදවත්ම නොගෙනාපු
අප්පච්චි
ජීවිතෙ හැටි කියා මටම හිත හදාගෙන
පුන්චි උන් තුරුල් කර
මගෙම වීරියෙන් නැගිටින්න්න
කියා නොදුන් අප්පච්චි

4 comments:

  1. හරියට දුක හිතුණා ඒක කියවල. පුංචි වචන ටිකක්... ඒත් ලොකු තේරුමක්. වෙන කෙනෙක් ලිවුවටත් වඩා අයිය ලිවුව නිසා දුකයි මට

    ReplyDelete
  2. අපේ යුතුකම අපේ දරුවන් ගේ ජීවිත අපට වඩා අර්ථවත් කිරීමයි

    ReplyDelete
  3. අපේ යුතුකම අපේ දරුවන් ගේ ජීවිත අපට වඩා අර්ථවත් කිරීමයි

    ReplyDelete
  4. රසිකට මොනව වෙලාද හැමතැනම දෙක දෙක?

    ReplyDelete