Saturday 30 April 2016

Start

සින්හලෙන් බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන හිටියෙ සෑහෙන කලෙක ඉදලා. නමුත් මගෙ බර අඩු කර ගැනීම වගෙ එකත් කල් ගියා.
අපි ඉතින් වැඩ කල් දාන්න හේතු හොයා ගෙන යන මිනිස්සුනෙ.
අන්තිමට ඔන්න පටන් ගත්ත ලියන්න. වැඩේ නැගල යය්ද දන්නෙ නැහැ.

ලොකු නන්ගිගෙන් ලැබුනු දිරි ගැන්වීම් ලියන වැඩේට හොද තල්ලුවක් වුනා.
ඉතින් මම හිතුව මට හිතෙන හැටි ලියන්න.
ජීවිතෙ පහුකරපු කාලයත් එක්ක බලද්දි, විඳපු අත්දකීම් එක්ක, මට හිතෙන හැටි ලියන්න මට සුදුසුකම් තියනව කියල මන් හිතනව

දැන් ඉතින් බ්ලොග් එකට දාපු නම ගැන විස්තර කරන්න ඕනැ.  අවුරුදු ගානකට ඉස්සර ෂර්ලොක් හෝම්ස් පරිවර්තනයක තිබුන නමක් තමය් බැලරැට් හි කලුවා. කතාව සින්හලට පරිවර්තනය කරපු කෙනා බැලරැට් හි මැරවර ජැක් වෙනුවට කලුවා කියල ආදේශ කලා. මම නම් කලුපාට වුනාට මැර වැඩ කරන්නෙ නැහැ.

මට යාන්තම් වගෙ මතකය් මොන්ත ක්‍රිස්තො සිටුවරය පොතේ කෙටි පරිවර්තනයක එඩ්මන්ඩ් දාන්තේ වෙනුවට එඩ්මන්ඩ් දන්ගෙදර හිටිය. ඒ වගෙ කතා මන් හිතන්නෙ අනුවර්තන කියලය්. කොහොමටත් මොන්ත ක්‍රිස්තො සිටුවරය වගෙ ආශ්වදනීය කතවක් මන් කීයවල නැහැ.
ඔන්න ඉතින් කැලේ පැන්න.
සුද්ද කියල තියනව ලියනකොට කීප් ඉට් සිම්ප්ල් විදිහට ලියන්න කියල.
අවුරුදු ගානක් තිස්සෙ සින්හලෙන් හරියට ලිව්වෙ නැති හින්ද ගැලපීම කොහොමද දන්නෙ නැහැ. ලියලම තමය් බලන්න ඕන.







6 comments:

  1. අයියා නිකම් ඉන්න වෙලාවට කියන කතා ටික විතරක් ලිවුවත් මේ බ්ලොග් එක පිරෙයි තව මාසයක් දෙකක් යද්දි.
    අලුත් පෝස්ට් එකක් එනකම් මම බලාගෙන ඉන්නවා.

    බ්ලොග් එකේ නම තීරණය කළ විදිය ට මම හරි කැමතියි.

    ReplyDelete
  2. ඔන්න ඉතින් දැන් අක්කගෙ මදිවට මේ අය්යා ලියන ඒවත් මට කියවන්න උනානෙ.. පලවෙනි එකේම අක්ක ගැන ලියල මාව කපලා දාපු එක ගැන තරහයි. මෙන්න මගෙන් පොඩි අදහසක්. මේක පව්ලේ බ්ලොග් එකක් නොවී යාමට වග බලගෙන හොද post දමමින් publicity ලබාගන්න කියා මම යොජනා කරමි.bye byee

    ReplyDelete
  3. ජයවේවා
    මං හිතුවේ ඕස්ට්‍රේලියාවේ බැලරැට් නගරයේ ඉන්න කෙනෙකු කියායි.

    ReplyDelete
    Replies
    1. කලුවා ඉන්නෙ බැලරැට් වල තමා

      Delete
    2. කලුවා ඉන්නෙ බැලරැට් වල තමා

      Delete
  4. ජයවේවා
    මං හිතුවේ ඕස්ට්‍රේලියාවේ බැලරැට් නගරයේ ඉන්න කෙනෙකු කියායි.

    ReplyDelete